සිය වැටුප් ගැටලුවට මෙතෙක් විසදුම් නොලැබීම හේතුවෙන් ඉදිරියේදී ගනු ලබන ඉදිරි වෘත්තීය සමිති ක්රියාමාර්ග පිළිබඳව අද (25) දිනයේ තීරණය කරන බව ලංකා ගුරු සංගමයේ ප්රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.
මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් ඒ මහතා පවසන්නේ මේ වන තෙක් ඇමති අනුකමිටුවේ වාර්තාව එළිදක්වා නොමැති බවත් විසදුම් ගැනීම නැවතත් 5වන සතියටත් කල් දමා ඇති බවයි. ඒ හේතවෙන් වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය විසින් ඉදිරි ක්රියාමාර්ගය සම්බන්දයෙන් ඒකාබද්ධ ප්රකාශයක් නිකුත් කරන බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.