Tuesday, September 15, 2026
spot_img

ඉරාජ් ඉල්ලා අස්වෙයි

Must read

ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත්වූ ගායකයෙකු සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඉරාජ් වීරරත්න එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇත. ඒ බව දන්වමින් ඉරාජ් විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත යොමුකිරීමට ඔහු කටයුතු කර ඇත.

මෙම තීරණයට හේතු වශයෙන් ඔහු සදහන් කර ඇත්තේ සිය පෞද්ගලික කටයුතු සදහා කාලය අවශ්‍ය බැවින් මෙම තීරණය ගත් බවයි. එමෙන්ම අවශ්‍ය අවස්ථාවන් වලදී සිය සහය ඒ සදහා ලබාදීමට කටයුතු කරන බවද ඉරාජ් විසින් අමාත්‍යවරයා වෙත දන්වා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article