Thursday, January 23, 2025

ගැසට් පත්‍ර 7ක් අවලංගු කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Must read

විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සීනි, පරිප්පු, කුකුළු මස්, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් සඳහා පනවා තිබු පාලන මිල ඊයේ (03) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ.

මෙම නව ගැසට් පත්‍රය මගින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍ර 07ක් අවලංගු කර ඇති බවද වාර්තා වෙයි.

ඒ අනුව ,

  • පසුගිය සැප්තැම්බර් මස 02 වන දින සුදු සීනි සහ දුඹුරු සීනි සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රය
  • 2020 වර්ෂයේ මාර්තු 17 වන දින මයිසූර් පරිප්පු, බී ළූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රය
  • බඩ ඉරිඟු සඳහා 2020 වර්ෂයේ මාර්තු 12 වන දින නිකුත් කළ ගැසට් පත්‍රයෙන් පනවා තිබු උපරිම සිල්ලර මිල හා එදිනම කුකුළු මස් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍රය
  • එම වර්ෂයේ ජනවාරි 27 වන දින වියළි හාල් මැස්සන්, මුං ඇට, ආනයනික අර්තාපල් සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරන ලද ගැසට් පත්‍රය
  • 2016 වර්ෂයේ ජූලි මස 14 වන දින කඩල, තිරිඟු පිටි, ආනයනික කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් පනවා තිබු ගැසට් පත්‍රය ද මෙම නව ගැසට් පත්‍රය මගින් අවලංගු කර ඇත.

නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article