කොළඹ වරාය ඇතුලත ගුවන්තොටුපලක් ඉදිරිකිරීම සදහා වන යෝජනාවක් මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් රජයට ඉදිරිපත් කර තිබෙනවා. අමාත්‍යංශය පවසන්නේ මෙම යෝජනාවේ ඇති ආකාරයෙන් ගුවන්තොටුපලක් වරායතුල ඉදිවුවහොත් කලාපයේ ශක්තිමත්ම වරාය බවට කොළඹ වරාය පත්වනු ඇති බවයි.
