Wednesday, September 16, 2026
spot_img

කොළඹට ඇස්ට්‍රාසෙනෙකා දෙවන එන්නත ලෙස ෆයිසර් ලබාදීම අත්හිටුවයි.

Must read

කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම වෙනුවට යුධ හමුදාව විසින් ෆයිසර් එන්නත ලබාදීමට තිබූ සැලසුම් අත්හිටුවා තිබේ.

ඊට හේතුව වශයෙන් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දී ඇත්තේ  ජූලි මස තුන්වන සතිය වන විට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 1.4ක් මෙරටට ලැබීමට නියමිත වීම හේතුවෙන් දෙවන මාත්‍රාව වශයෙන් ෆයිසර් ලබාදීම අත්හිටුවූ බවයි.

මේ අතර කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාවේදීනී වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ අද (08) දින එන්නත් ලබාගැනීමට එන ලෙසට දැනුම්දෙමින් කෙටි පණිවුඩ ලැබුණ පුද්ගලයින් ට ඒ සඳහා නොපැමිණෙන ලෙසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article