Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොවිඩ් වලට මුවාවී රජය මර්ධනය උත්සන්න කරයි – මඩකලපුවේ විරෝධතාවයකදී 16ක් අත්අඩංගුවට

Must read

පසුගිය  21 වනදා  තැපැල් සේවා සහ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතාගේ මඩකලපුවේ පිහිටි නිවස ඉදිරිපිටදී ඔහුගේ ආරක්ෂකයෙකු විසින් සිදුකළ  වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයාට යුක්තිය ඉටුකරන ලෙස ඊයේ (7) වනදා මඩකලපුව ගාන්ධි උද්‍යානයේදී විරෝධතාවයක් පවත්වන ලදී. වෙඩිතැබීමෙන් මියගිය පුද්ගලයාගේ දෙමව්පියන් සහ තවත් පිරිසක් විරෝධතාවයේ නිරතවූ අතර  පොලීසිය විසින් මෙම පිරිසට බාධා ඒල්ල කර ඇති අතර ඒහිදී පුද්ගලයන් පිරිසක් ද අත්අඩංගුවට ගෙන තිබේ.  කොවිඩ් ආරක්ෂන නීති පදනම් කරගනිමින් පොලසිය  විසින් විරෝධතාකරුවන්ට බාධා ඒල්ල කරමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර ‌ අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර   වෙඩිතැබීමෙන් මියගිය පුද්ගලයාගේ පියාද වේ. අත්අඩංගුවට ගත් ‌පුද්ගලයන් මඩකලපුව පොලීසියට ගෙනයාමේදී මාධ්‍යවේදීන්ට ඒය වාර්තා කිරීම සදහා පොලීසිය ඇතුළුවීමට ඉඩදී නොමැති බවද වාර්තා ‌වේ.

 

දේවා

රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන්ගේ නිවස ඉදිරිපිටදී වෙඩිතැබීමක්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article