Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොරෝනා සුව වු රෝගීන්ට දිගු කාලීන කොවිඩ් රෝග ලක්ෂණ..

Must read

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් තුළ දිගු කාලීන කොවිඩ් රෝග ලක්ෂණ බහුලව දක්නට ලැබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසන බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

මෙම දිගු කාලීන රෝග ලක්ෂණ කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන බවයි ආචාර්ය වෛද්‍ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් සඳහන් කර සිටි.

අසාමාන්‍ය ශ්වසන අපහසුතා, කාන්සාව, විශාදය, පපුවේ සහ උගුරේ වේදනාව, විඩාව, හිසරදය සහ මාංශ පේශී වේදනාව වැනි දිගු කාලීන රෝග ලක්ෂණ කොරෝනා අසාදිතයන් තුළ පැවතිය හැකි බව චන්දිම ජීවන්දර මහතා සිය ට්විටර් සටහනේ සඳහන්ය.

ඉන් 15%ක කාන්සාව සහ විශාදය වැනි රෝග ලක්ෂණ වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර 1.5%ක පමණ අඩු ප්‍රතිශතයක් දක්නට ලැබෙන්නේ මාංශ පේශිවල ඇති වන වේදනා බව ඔහු පෙන්වා දී සිටි.

මිට අමතරව කොවිඩ් වැළඳුණු රෝගීන් තුළ වෙනත් රෝග ලක්ෂණ 7%ක සුළු ප්‍රමාණයක් ද පවතින බවද ආචාර්ය චන්දිම ජිවන්දර ගේ ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන් වේ .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article