Thursday, September 17, 2026
spot_img

කොරෝනා ආසාදිත තුන්වන ගැබිණි මරණය කුරුණෑගලින් වාර්තා වෙයි.

Must read

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙරට සිදුවූ තුන් වන ගැබිණි කාන්තා මරණය කුරුණෑගල රෝහලෙන්  වාර්තා විය.

මෙසේ මියගොස් ඇත්තේ කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවකි. ඇය දරු ප්‍රසූතිය සඳහා නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී සිදුකල පීසීආර් පරීක්ෂණයකදී ඇයට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඇය අපස්මාර තත්වයෙන්ද පෙලී ඇති බැවින්  පසුව කුරුණෑගල රෝහලට මාරුකර එවා තිබුණි. පසුව දරු ප්‍රසූතිය සදහා ඇයට සිසේරියන් සැත්කමක් සිදුකර ඇති බව වාර්තා වෙයි. පසුව  දරුවා ප්‍රසූත කිරීමෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් එලෙස මියගොස් ඇති බව කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව මහතා සඳහන් කරයි.

මව මියගියත් දරුවාගේ දිවි බේරා ගැනීමට වෛද්‍යවරුන් සමත්වී ඇති අතර මේ වනවිට බිළිඳා සෞඛ්‍ය සම්පන්නව නව ජන්ම ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව මහතා සඳහන් කළේය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article