Friday, January 10, 2025

කෘෂි ඇමතිගේ කයිවාරුවලට තිත ! ඩඩ්ලි හාල් මිළ තීරණය කරයි

Must read

සහල් සඳහා වන උපරිම සිල්ලර මිල ගණන් දක්වමින් රජය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කිරීමට ඊයේ දිනයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කිරීමත් සමග වෙළෙඳපොලේ සහල් අලෙවි කරනු ලබන මිල අලෙවි ගණන් සම්බන්ධයෙන් මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයින් අද මාධ්‍ය හමුවක් කැඳවමින් දැනුම් දී තිබේ.

ඒ අනුව නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රු. 115ක්, සම්බා කිලෝවක් රු.140ක් සහ කීරි සම්බා සහල් කිලෝවක් රු.165කට අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බවයි මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයින්ගේ මාධ්‍ය හමුවේදී මෙරට ප්‍රධානතම වී මෝල් හිමියෙකු වු ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කර සිටියේය.

මේ අතර ගොවින් ගෙන් නාඩු වී කිලෝවක් රු.62.50කට, සම්බා වී කිලෝවක් රුපියල් 70 කට සහ කීරි සම්බා වී කිලෝවක් රු.80කට මිලට ගැනීමට කටයුතු යොදා ඇති බවද මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයින් තවදුරටත් මෙම හමුවේදි ප්‍රකාශ කර තිබුණි.

මේ අනුව පසුගිය කාලය තුල කෘෂිකර්ම ඇමතිවරයා මාධ්‍ය හමුවේ පැමිණි සකලකාර උද්දච්ච කයිවාරු ප්‍රකාශවලට දැන් තිත වැටි තිබේ. වරක් ඔහු‌ කියා තිබුනේ ඔහු කෘෂි කර්ම ඇමතිව සිටින තාක් කල් කිසිවිටකත් පිටරටින් හාල් ගෙන්වන්නේ නැති බවය.

කෙසේ වෙතත් රට මුහුණ දී ඇති අර්බුදවලින් ගොඩ ගැනීම සඳහා ඉදිරි අයවැයෙන් සියලු සැලසුම් සකස් කරන බව ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා කොළඹදී අද පවසා තිබුණි.

” පිටරටින් නැවත සහල් ගේන්න අපි කැබිනට් මණ්ඩලයේදී තීන්දුවක් ගත්තා. එය කැබිනට් මණ්ඩලය කැමැත්තෙන් ගත්ත තීන්දුවක් නොවේ. යැයිද ඔහු කියා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article