අගමැති ධුරය වෙනස් වීම සහ රජයේ වෙනස් වීම සම්බන්ධ නිත්‍යනුකූලභාවය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට නොහැකි බව නීතිපති ජයන්ත ජයසුරිය මහතා කතානායක කරුජයසුරිය මහතා වෙත අද (31) දැනුම් දී තිබේ.
අදාළ ක්‍රියාවලියේ නිත්‍යනුකූල භාවය පිළිබඳ විමසමින් පසුගිය 27 වැනිදා කතානායකවරයා විසින් නීතිපතිවරයාට යොමු කළ ලිපියට පිළිතුරු දෙමින් නීතීපතිවරයා මේ බව දැනුම්දී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතීපතිවරයාගේ භූමිකාවට අනුකූලව ඒ සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කිරීම යෝග්‍ය නොවන බව තමාගේ අදහස බවද නීතීපතිවරයා කථානායකවරයාට යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ බව සඳහන් කරමින් කතානායක කාර්යාලයද නිවේදනයක් නිකුත් කර තිබේ.
නීතිපතිවරයා විසින් කතානායකවරයාට යොමුකළ ලිපිය.
newstube.lk
කතානායක කාර්යාලය නිකුත් කල නිවේදනය