කට කථා වල කිසිදු සත්‍යතාවක් නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පාසලක් අසළ හා මට්ටක්කුලිය ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් ඉදිරිපිට සැකකටයුතු වාහන දෙකක් ඇති බවට පැතිර යන කටකතා පිළිබඳව කලබල විය යුතු නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
මට්ටක්කුලියේ කතෝලික දේවස්ථානය අසළ නවතා තිබූ වෑන් රිය කාර්මික දෝෂයකට ලක්වීමෙන් අයිතිකරු එම ස්ථානයේ වාහනය නවත්වා ඇති ගොස් බව තහවුරු වී ඇති අතර පාසල අසළ නවතා තිබු වාහනයේද අයිතිකරු පැමිණ ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කරයි.ඒ හේතුවෙන් එම ස්ථාන දෙකෙන්ම කිසිදු සැකකටයුතු යමක් වාර්ථා වී නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා තහවුරු කර සිටියි.
- Advertisement -
- Advertisement -