කොවිඩ් සෞඛ්‍ය මර්ගෝපදේශයන්ට අනුව කටයුතු කරමින් 05 වසර ශිෂ්‍යත්ව විභාගය හා උසස් පෙළ විභාගය නියමිත පරිදි පැවැත්වීමට තීරණය කල බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසූ අතර ඒ අනු ඔක්තෝබර් 11 වන දින ශිෂ්‍යත්ව විභාගයත්, ඔක්තෝබර් 12 වනදා සිට උසස් පෙළ විභාගයත් ආරම්භ කිරීමට නියමිතය.