දකුණේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් වෙත වත්මන් ආණ්ඩුවේ මර්ධන හස්තය දිගු කිරිමට පෙර උතුරේ මෙන්ම නැගෙනහිරද සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් දඩයම් කිරිම මේ රජය විසින් අරභා තිබුණි.
මේ මර්ධන හස්තයට ගොදුරුවු නැගෙනහිර සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් 100කට අධික පිරිසක් මාස ගණනක් හිරගෙවල්වලට ගාල් කර තිබුන අතර ධනපති ආණ්ඩුවේ මර්ධන යන්ත්‍රය ක්‍රියාවට නැන්වු පොලිසිය හැසිර තිබුනේ නීතිය හිතේ හැටියට නමමිනි.
යුද්ධයෙන් පීඩාවට පත් මව්වරුන් ගේ පින්තුරයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කිරිමට මුල්වු වාලච්චේනේ කෝහිලදාසන් නම්වු සමාජ දේශපාලන ක්‍රියාකාරිකයා දැන් මාස 14කටත් වැඩි කාලයක් තවමත් සිරගත කොට තබා ඇත.
එහෙත් අරුමය වන්නේ මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් වෙනුවෙන් දකුනේ කිසිවෙකුගේවත් අවධානය යොමුව නොතිබිමය.
දකුනේ ප්‍රගතිශිලින් වශයෙන් පෙනි සිටිමට උත්සාහ කරනු ලබන බහුතරයකගේ ඇත්ත දැක ගැනිමට හැකි කදිමම ලිට්මස් පරික්ෂණ දැන් සිදුකරමින් තිබේ.
එනම් දකුණේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් ගැන පුවත් පත් නිවේදන, සම්මන්ත්‍රණ,වැඩමුළු,ෆේස් බුක් සටහන් සමගින් පෙරට පැමිණි ඇති මේ ප්‍රගතිශිලින් සමාජ මාධ්‍ය උතුරේදි සහ නැගෙනහිරදි මර්ධනයට ලක්කරද්දි නිහඬව සිටියේ ඇයි?
ඉන් කියැවෙන කටුක සත්‍යය නම් මේ ප්‍රගතිශිලින් අති බහුතරයගේ දැක්ම සහ ස්ථාවරයන් සිංහල කේන්ද්‍රීය වි තිබිම නොවේද ?
උතුරේත් නැගෙනහිරදිත් පාගා දැමු ජන අයිතින් වලට එරෙහිව සටහන් කොට දශක තුනකට වඩා එහාට ගිය ඇදි ගිය යුද්ධය විසින් සිදුකළ මහත්වු විනාශයක් ලාංකිය සමාජය තුල අත්විදිමින් තිබියදි පවා අදටත් රාජ්‍ය මර්ධන හස්තයට ගොදුරුව බැට කන ඒ් අය ගැන දකුණේ දේශපාලන පක්ෂ මෙන්ම ප්‍රගිතිශිලින් යැයි ඔවුන්ම සිතා සිටින සැම උතුර සහ නැගෙනහිර ජනතා අයිතින් ගැන ඉන්නේ මර නින්දකය.ඉන් කියැවෙන්නේ කුමක්ද ? උඔලාගේ සටන උඹලාම කරගනිල්ලා යන අදහස නොවේද ?
ඇතැම් දකුණේ මාධ්‍ය සංවිධානවලට පවා උතුරේ සහ නැගෙනහිර මාධ්‍යවේදින්ගේ මානව හිමිකම් මතක් වන්නේ ව්‍යපෘති වල සටහන් කොට ඇති ක්‍රියාකාරකම් නිමකරලිම වෙනුවෙන් පමණි.
එපමණක් නොව උතුරේ සහ නැගෙනහිර මාධ්‍යවේදින්ගේ ඝාතන සැමරුම් නිරන්තරයෙන්ම මගහැර සිටි දකුණේ ඇතැම් කණ්ඩායම් දැන් උතුරටම ගොස් සැමරුම් සංවිධානය කරනු ලබන්නට යොමුව ඇති අතර ඒ් ඇයිද යන්නත් දැන් පැහැදිලි වෙමින් තිබේ.
එමෙන්ම දැන් ඇතමුන් දකුණෙන් මාධ්‍යවේන් රැගෙන යමින් හුවමාරු වැඩසටහන්ද සංවිධානය කරමින් සිටිති.
මේවා හොදය.
හැබැයි දැන් මේ සියල්ල සිදුවන්නේ ව්‍යාපෘති වාර්තාවට අදාල ක්‍රියාකාරකම් සපුරාලිම සඳහා පමණක් නම් ඉන් කිසිදිනක උතුරු දකුණු සෑබෑ සහෝදරත්වයක් කිසි දිනක ගොඩ නොනැගෙනු ඇත.
ව්‍යාපෘතියේ වැඩ නිම වු පසු කඩේ වසා දමා දකුණේ කණ්ඩායම් විසින් උතුරේ සහ නැගෙනහිර සමාජ ක්‍රියාකාරින්, මාධ්‍යවේදින්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් හා ථෙන්ද්‍රිය සම්බන්ධයන් ගොඩ නැගිමට සිතන්නේ නම් සැබැවින්ම ව්‍යපෘති මානසිකත්වය එහා ගිය වැඩ සංස්කෘතියකට මුල පිරිය යුතුව තිබේ.
එය සැබැවින්ම දකුණට අභියෝගයකි.?