Monday, April 29, 2024

කථානායක සහතිකයෙන් බලාත්මක වන පණත් 5

Must read

 පසුගියදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත වූ පනත් කෙටුම්පත් 05 ක් සදහා කථානායකවරයා සිය සහතිකය ඊයේ (17) සටහන් කළේය.  

මේ අනුව පසුගිය 9 සහ 10 දෙදින පාර්ලිමේන්තුවේදී විවාද කර සම්මත වූ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන), පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම, අධිකරණ සංවිධාන (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන), පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) (සංශෝධන) යන පනත් කෙටුම්පත් සදහා මෙලෙස කථානායකවරයා සිය සහතිකය සටහන් කළේය.

ඒ අනුව මෙම පනත් 2022 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)පනත, 2022 අංක 3  දරන පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීමේ පනත, 2022 අංක 4 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත, 2022 අංක 5 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ 2022 අංක 6  දරන පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) (සංශෝධන) පනත ලෙස ඊයේ (17) සිට බලාත්මක වේ.

(දිනමිණ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article