Wednesday, October 14, 2026
spot_img
spot_img
spot_img
spot_img

උතුරු නැගෙනහිර දී තිලීපන් සැමරේ

Must read

දැනට වසර 33කට පෙර ඉන්දියන් හමුදාවට විරුද්ධව යාපනයේ දී උපවාස කොට මියගිය වෛද්‍ය ශිෂ්‍යවෙකුවූ තිලීපන් සැමරීම ලෝකවාසී දෙමළ ජනතාව මෙන්ම උතුරු නැගෙනහිර ජනතාවද සිදුකරන ලදී. යාපනය තුළ ඉදිකර ඇති ‘තිලීපන්’ සැමරීමේ ස්මාරකය පොලීසිය විසින් සැප්තැම්බර් 14වනදා කඩා විනාශ කළ අතර මෙම සැමරුම් තහනම් කරමින් උසාවි නියෝගයක් ද නිකුත්කරන ලදී.

තිලීපන් ⁣ට උපහාර දැක්වීමට එම ස්මාරකය අසලට ගිය හිටපු පළාත්සභා මන්ත්‍රී  සිවාජිලිංගම් මහතාව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර එය වාර්තා කරන්නට ගිය මාධ්‍යවේදීන්ට ද පොලීසිය බාධාකරන ලදී.

මෙම පසුබිම තුළ පසුගියදා රැස්වූ දෙමළ දේශපාලන පක්ෂ විසින් සැප්තැම්බර් 26 වනදා ‘තිලීපන්’ වෙනුවෙන් උපවාසයක් සිදුකිරීමටත්, 28 වනදා උතුරු නැගෙනහිර පළාත්වල හර්තාලයක් පැවැත්වීමට තීරණය කරන ලදී.

ඒ අනුව 28 වනදා උතුරු නැගෙනහිර ප්‍රදේශ වල සියලු කඩ සාප්පු වසා දමමින්  මෙම හර්තාල් ව්‍යාපාරය දියත්කර තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article