Thursday, January 23, 2025

ඉල්ලිම් කිපයක් මුල්කරගත් දමිළ ජනයාගේ නැගෙනහිර විරෝධතාවයට මුස්ලිම් ජනතාවද එක්වෙති !

Must read

නිදහස් දින සමරුමට සමගාමිව දමිල හා මුස්ලිම් ජනයා මෙන්ම වතුකරයේ ජනතාවටද මුහුණ දි ඇති ප්‍රධාන ප්‍රශ්ණ  ගණනාවක්ද මුල්කොට ගෙන දින 3 ක් පුරා ක්‍රියාත්මක විමට නියමිත විරෝධතාවය අද පෙරවරුවේ පොතුවිල් නගරයෙන් ආරම්භ වි තිබුනේ ඇද හැලුන මහවැසි පවා නොතකමිනි.
මෙම විරෝධාතා පාගමන පොතුවිල් වලින් ආරම්භ වි පොලිකැන්ඩි දක්වා යාමට නියමිතව තිබේ.
විරෝධතා මාලාව සිවිල් සමාජය විසින් සංවිධාන  කර ඇති , විරෝධතා මාලාවට දෙමළ ජාතික සන්ධානය මෑතකදී සිය සහයෝගය ලබා දී තිබුණු බව ආදවන් වෙබ් අඩවිය අද වාර්තා කොට තිබුණි.
සුළුතර ජනයාගේ  ඉඩම් අත්පත් කර ගැනීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදහන් වීම, මුස්ලිම් සිරුරු ආදාහනය කිරීම සහ උඩරට ජනතාවට රුපියල් දහස් ගණනක වැටුප් ඇතුළු විවිධ ප්‍රශ්ණ ගණනාවක් මුලික කොට ගෙන මෙම විරෝධතා මාලාව සංවිධානය කර තිබේ.
මේ අතර  සමස්ත ලංකා මහජන කොංග්‍රස් (ඒසීපීසී) නායක රිෂාඩ් බතියියුඩීන්, අරගලයට සහයෝගය දක්වන ලෙස මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා තිබෙන බවද වාර්තා වන අතර මුස්ලිම් ප්‍රදේශ හරහා ගමන් කරමින් තිබුන මේ විරෝධාතවයට මුස්ලිම් ජනයාද එක්ව සිටි බව එහි සිටින වාර්ථාකරුවෝ ප්‍රකාශ කරති

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article