Friday, September 20, 2024

‘ආණ්ඩුවේ කොන්ත්‍රාත්කාරයින් එජාපය කඩන්න හදනවා’ – මංගල කියයි

Must read

රාජපක්ෂ ආණ්ඩුවෙන් විවිධාකාර වරප්‍රසාද හා සහන ලබාගනිමින් සිටින කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක යෙදී සිටින බව මංගල සමරවීර මන්ත්‍රීවරයා පවසයි.ඔහු එබව පවසා ඇත්තේ ඊයේ (01) රාත්‍රී ‘සිරිකොත’ එජාප මුලස්ථානයේ පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමිනි.

මාස ගණනාවක් තිස්සේ සුළු සුළු හේතුන් ඉදිරිපත් කරමින් සන්ධානයක් ගොඩනැගීම කල් දමමින් සිටින බවට චෝදනා කර ඇති මන්ත්‍රීවරයා, මහ මැතිවරණයක් කැඳවීමට පැය කිහිපයක් තිබිය දී පවා එකඟතාවය ඇතිකර ගැනීමට බාධාවක් වී ඇත්තේ ආණ්ඩුවෙන් මෙහෙයවන කිහිප දෙනෙකු විසින් පක්ෂය දෙකඩ කර ආණ්ඩුවට වාසියක් ලබාදීමට දරන නින්දිත උත්සහ නිසා යයි අවධාරණය කර තිබේ.

එම අවස්ථාවේදී වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා යම් බාධාවක් කිරීමට උත්සහ කළ අවස්ථාවේදී මංගල සමරවීර පවසා ඇත්තේ, ” ඔයත් මේ කුමන්ත්‍රණයේ එක්කෙනෙක් තමයි” කියාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 1977 සිට 1994 දක්වා වසර 17ක් විපක්ෂයේ සිටීමට සිදුවූ අතීතය සිහිපත්කර ඇති මංගල සමරවීර, මෙවැනි කුමන්ත්‍රණවලට හසුවුවහොත් එක්සත් ජාතික පක්ෂයට ද වසර ගණනාවක් විපක්ෂයේ සිටීමට සිදුවනු ඇතැයි අවධාරණය කරමින්, අනෙක් කතා පසෙක තබමින් වහාම සන්ධානයක් ගොඩනැගීමට අදාල කරුණු සාකච්ජාවට ගන්නැයි ඉල්ලීමක් කර තිබේ.

එහෙත් ඉන් අනතුරුවද සුළු සුළු කාරනා ගැන දෙපාර්ශවය ගැටෙද්දී ඔහු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් නැගිටගොස් ඇත.
මුලාශ්‍රය -theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article