හෝමාගම දිස්ත්රික් අධිකරණයේ හිටපු විනිශ්චයකාර සුනිල් අබේසිංහට හා ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියාට වසර 16ක සිරදඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (20)නියෝග කලේය.
ඒ ඔහු 2013 වසරේදී අල්ලස් ලබාදුන් පුද්ගලයාට වාසිදායක වන අයුරින් නඩු තීන්දුවක් ලබාදීමට රුපියල් 300,000ක අල්ලසක් ලබාගැනීමට වරදකරු වීම හේතුවෙනි. සිර දඩුවමට අමතරව රු.20,000 දඩයක්ද,වරදකරුවන් සදහා නියම කල අධිකරණය එම අල්ලස් මුදල නැවත ගෙවන ලෙසද නියෝග කලේය.