මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයන්වල සුළගේ වේගය පැයට කිලෝමීටර 70-80ක් පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම ප්‍රදේශ වල ධීවර කටයුතු වල නොයෙදෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියළුම ධීවරයන්ගෙන් ඉල්ලා සිටියි. ඒ අනුව හෙට (20) අලුයම 5.30 වන තෙක් මෙම අවදානම් ප්‍රදේශයන්වල මුහුද විටින් විට ඉතාමත් රළු විය හැකි බව එම මධ්‍යස්ථානය ධීවරයන්ට දැනුම් දෙයි.
හෙට අලුයම වන තෙක් ධීවර කටයුතු වලින් වැලකී සිටින්න
![8675799490_888ce8e199_b](https://citizenpostlk.com/wp-content/uploads/2019/07/8675799490_888ce8e199_b.jpg)