Friday, September 20, 2024

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ඇප නියෝගය අවලංගු කෙරේ

Must read

 ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදාහරමින් ඉකුත් දෙසැම්බර් 30 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් දුන් නියෝගය අවලංගු කරන මෙන් ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුු මංජුල තිලකරත්න මහතා එම ඇප තීන්දුව ඉවත දැමීමට අද (13) නියෝග කලේය. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේ රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් දුන් තීන්දුව නීතිමය වශයෙන් මෙන්ම සිද්ධිමය වශයෙන් ද දෝෂ සහගත බවයි.
තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අදහස් දක්වමින් සදහන් කර සිටියේ රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලබන සැකකරුවන් පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ගැනීම සම්බන්ධයෙන් සමාජය තුළ වර්තමානයේ  දැඩි විවේචනයක් පවතින බැවින් මෙම නඩු තීන්දුව හරහා යහපත් මාර්ගෝපදේශයක් සැපයීම සම්බන්දයෙන් ස්තූතිවන්ත වන බවත් මෙම නඩු තීන්දුව ඇප සම්බන්ධයෙන් දිවයිනෙ සියලුම මහේස්ත්‍රාත්වරුන්ට හොඳ මාර්ගෝපදේශයක් සපයන නඩු තීන්දුවක් වනු ඇතැයි ද තමන් විශ්වාස කරන බවත්ය. 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article