Friday, September 20, 2024

හයිවේ එකේ හම්බන්තොට යන ජනපතිගේ හා අගමැතිගේ සියලු වාහන ගාස්තු වලින් නිදහස්

Must read

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුවක් වශයෙන් හම්බන්තොට දක්වා ඉදිකල අධිවේගී මාර්ගය ජනතාවට පවරා දීම හෙට (23) පසුවරු 3.00ට මාතර ගොඩගම පිවිසුම අසලදී පැවැත්වීමට නියමිතය.

මෙම අධිවේගී මාර්ගය විවෘත කිරීමත් සමගින් කොළඹ සිට හම්බන්තොට දක්වා පැය 2 1/2කින්ද, කොළඹ සිට කතරගම දක්වා පැය 3 1/2කින්ද ගමන් කිරීමට ජනතාවට හැකියාව ලැබේ.

අධිවේගී මාර්ගවල ගාස්තු අයකිරීම් සම්බන්දයෙන් මාර්ග හා මහාමාර්ග අමාත්‍යවරයා නිකුත් ක විශේෂ ගැසට් නිවේදනයට අනුව අධිවේගී මාර්ගය භාවිතා කරන ජනපතිගේ හා අගමැතිගේ ආර්කෂක රථ සියල්ල සියලු ගාස්තු වලින් නිදහස්ය.

නමුත් ,

  • ඇක්සල් දෙකක් හා රෝද හතරක් සහිත වාහනයකට කොට්ටාව සිට මත්තල දක්වා රු.750ක්ද, කඩවත සිට මත්තල දක්වා රු.850ක්ද , කටුනායක සිට මත්තල දක්වා රු.950ක්ද අය කරන බවත්
  • ඇක්සල් දෙකක් හා රෝද හයක් ඇති වාහන සදහා කොට්ටාව සිට මත්තල දක්වා රු.1400ක්ද, කඩවත සිට මත්තල දක්වා රු.1500ක්ද , කටුනායක සිට මත්තල දක්වා රු.1800ක්ද අය කරන බවත්
  • ඇක්සල් දෙකට වැඩි වාහන සදහා කොට්ටාව සිට මත්තල දක්වා රු.2400ක්ද, කඩවත සිට මත්තල දක්වා රු.2650ක්ද , කටුනායක සිට මත්තල දක්වා රු.3000ක්ද අය කරන බවත් එම ගැසට් නිවේදනයේ සදහන් වෙයි.

එමෙන්ම ඊයේ දිනයේදී ඇතැම් මාධ්‍ය වාර්ථාවල සදහන් වූ ආකාරයට අධිවේගී මාර්ගයේ සැලසුම් වලින් බැහැරව අමතරව කෝටි ගණනක මුදලක් වැය කරමින් මැදමුලන සදහා වෙනම පිටවීමක් ඉදිරිකෙරෙමින් පවතින බවද දැනගනන්ට ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article