Friday, November 8, 2024

හමුදා නිලධාරියෙකුගේ වෙඩි තැබීම් වලින් තායිලන්තයේ අනපේක්ෂිත තත්වයක් : පුද්ගලයින් 12ක් ජීවිතක්ෂයට

Must read

තායිලන්තයේ සොල්දාදුවෙකු විසින් සිදුකල වෙඩි තැබීමක් හේතුවෙන් මේ වන විට තායිලන්තයේ කරොට් (karot)නගරයේ අනපේක්ෂිත තත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වෙයි.
එම සොල්දාදුවා විසින් මෙම වෙඩි තැබීම ආරම්භ කර ඇත්තේ සිය ප්‍රධානියාට වෙඩි තැබීමෙන් බවත්, පසුව හමුදා කදවුර තුලත්, පන්සලක් හා වෙළද සංකීර්ණයක් තුලත් වෙඩි තැබීම් සිදුකර ඇති බවත් BBC පුවත් සේවය වාර්තා කර සිටියි.
මේ වන විටත් තත්වය පාලනය කර නොමැති අතර මෙම සොල්දාදුවා විසින් පුද්ගලයින් පිරිසක් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රදවාගෙන ඇති බවද වාර්තා වෙයි.
සිදුවීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව මේ වන තෙක් ස්ථීර වශයෙන් ප්‍රකාශ කල නොහැකි අතර තායිලන්ත වාර්තා අනුව අවම වශයෙන් මේ වන විට පුද්ගලයින් 12ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article