Tuesday, November 26, 2024

“සුරක්ෂා” වෙතින් මා පිය අහිමිවීකදී රු.ලක්ෂ දෙකක්

Must read

සුරක්ෂා සිසු රක්ෂණ වැඩපිළිවෙළ මගින් යම් සිසුවෙකුගේ මව හෝ පියා කුමන හේතුවක් මත හෝ අභාවයට පත්වීමේදී  රුපියල් ලක්ෂ දෙකක රැකවරණ ප්‍රතිලාභයක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බව වාර්ථා වෙයි. මෙතෙක් එම රැකවරණ ප්‍රතිලාභය හිමිවූයේ මවගේ හෝ පියාගේ ස්වභාවික මරණයක දී පමණි.

ඒ අනුව, 2019-12-01 දින සිට ඉදිරියට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවේ ඕනෑම  පාසල් දරුවෙකුට තම මවගේ හෝ පියාගේ කවර ආකාරයක හෝ අහිමිවීමක දී  සුරක්ෂා රක්ෂණාවරණය මගින් අදාළ රක්ෂණ ආයතනය සමග එක් ව රුපියල් ලක්ෂ දෙකක ප්‍රතිලාභ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

සුරක්ෂා ප්‍රතිලාභ ලබා ගැනීමේදී යම් ප්‍රමාදයක් හෝ වෙනත් ගැටළුවක් මතු වේ නම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ  , 0112784163, 0113641555, 0112784872 යන දුරකථන අංකවලට අමතා ඒ සම්බන්ධව දැනුම් දීමට ද අවස්ථාව සලසා තිබේ. මෙම රක්ෂණය මගින් වයස අවුරුදු 5 -21 ත් අතර පාසල් සිසුන්ට රැකවරණය සැපයේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article