Tuesday, September 15, 2026
spot_img

සීදුව ප්‍රදේශයේ පාසල් ගුරුවරියක් කොවිඩ් ආසාදිතයෙකු වශයෙන් හදුනාගැනේ

Must read

සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් කටුනායක, සීදුව, රද්දොළුගම හා ආඬිඅම්බලම යන ප්‍රදේශවලින් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 45 දෙනෙකු වාර්තා වී ඇති බව සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර් මහතා සඳහන් කරයි.

ඉන් බහුතරය කටුනායක වෙළෙඳ කලාපයේ සේවකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් වශයෙන් හඳුනාගෙන ඇත.

සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද(12)අලුතින් හඳුනාගත් ආසාදිතයින් අතර ආඬිඅම්බලම ප්‍රදේශයේ පාසලක දෙවන වසර සිසුන්ට ඉගැන්වූ ගුරුවරියක ද වෙයි.

එම හේතුවෙන් අදාළ පාසලේ සිසුන් ඇතුළු ආශ්‍රිතයින්ගේ පීසීආර් පරීක්ෂණ අද සිදුකර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article