Friday, November 1, 2024

සිවලිංගම්ලා සහ මුදලිගේලා ?

Must read

පිත්තල හන්දියේ බෝම්බයක් පිපිරෙනකොට ගෝඨාභය ආරක්ෂක ලේකම්.
ඉලක්කය ගෝඨාභය රාජපක්ෂ .
සැකපිට 2009 අත් අඩංගුවට ගන්නව මොරටු ඉංජිනේරු උපාධිදාරි ශිවලිංගම් ආරුරන්.
තාමත් සැකපිට අවුරුදු 14ක් හිරේ..

ගෝඨාභය ජනාධිපති වෙනවා.
2022 ගෝඨාභය එළවන්න මිනිස්සු
මන්දිර කඩාගෙන ඇතුලට යනවා.
පිරිසක් සැකපිට දින 100ක් හිරේ.

දින 100 සැකපිට ඉන්න පිරිස වෙනුවෙන් උද්ඝෝෂණ ගොඩයි. ඉල්ලීම් රැසයි.

ත්‍රස්තවාදීයා හා දේශප්‍රේමියා වගේම
ප්‍රචණ්ඩත්වය හා අවිහිංසාවාදය
වෙන් කරන්නේ අපි නෙමෙයි ද ??
දේශපාලනය නෙමෙයිද??
අපි සංවේදී අපිට විතරක් නෙමෙයිද ??

මට නම් ඔය සියලු සැකකරුවන් ගෙදර යන්න ඕන.

ශිවලිංගම් ආරුරන් “අදුරසාලෙයි” කියන ඔහුගේ කෘතියට 2022 රාජ්‍ය සම්මාන ගන්නවා. මැගසින් බන්ධනාගාරයේ ඉදන් ලියන්නේ දොස්තරලා නැති ඉස්පිරිතාලයක් ගැන.

දෙරණ මාධ්‍යවේදීයා අහනවා. ශිවලිංගම්ගෙ අනාගත බලාපොරොත්තුව මොකක්ද කියලා. ඒ නිවේදකයා බලාපොරොත්තු වෙන්න ඇත්තේ තව පොතක් ලියනව වගේ එකක්.
ඒත් ශිවලිංගම් ආරුරන් කියන්නේ ඉක්මනට ගෙදර යන්න ඕන. තාත්තා ආසයි මම ඉගන ගන්නවාට කියලා.

2009 රාජපක්ෂවරු දෙවිවරු වෙලා දැන් හතුරොත් වෙලා ඉවරයි . ඒත් ආරුරන්ලා චෝදනා ගොනු නොවී සැකපිට දශක එකහමාරක් රිමාන්ඩ් බන්ධනාගාරයේ

ලංකාව ආපහු අපිව කියවගන්න ඕන නැද්ද .??
මිනිස්සු විදියට අපි සංවේදී වෙන්න ඕන දකුණට විතරමද?? අන්තරයේ කැදවුම්කරු සහ සිරිදම්ම හාමුදුරුවෝ එක්ක එක පෝස්ටරයේ ආරුරන්වත් ඇඳලා අපි නිදහස ඉල්ලන්නේ කවදද ??


(ෆේස් බුක් පිටුවකිනි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article