ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔක්තෝබර් 26 වැනි දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමත් සමඟ ඇති වූ දේශපාලන අස්ථාවරත්වයක් සහ අවිනිශ්චිත තත්ත්වය මෙසේ ආයෝජන ඉවත් කරගැනීමට හේතුවූ බව විශේෂඥ පෙන්වා දෙන බවද රොයිටර් වාර්තා සඳහන් වේ.
ලබන වසරේ සිට ශ්‍රී ලංකාවට වසරකදී සාමාන්‍ය වශයෙන් ගෙවීමට ඇති ණය ප්‍රමාණය පමණක් එක්සත් ජනපද ඩොලර් බිලියන 4 ක් වන බව ද පසුගියදා මහ බැංකු අධිපතිවරයා පවසා සිටියේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එමෙන්ම රුපියල අවප්‍රමාණය වි ඇති අකාරය ගැනද ඔහු එහිදි පවසා තිබුණි.
ජාත්‍යන්තර වෙළඳපොළේ ශ්‍රේණිගත කිරිම්ලින් ලංකාව තවත් පහලට !ණය ගැනීමේ දී වැඩි පොලියක් !
ජාත්‍යන්තර වෙළඳපොළේ ශ්‍රේණිගත කිරිම් අනුව ශ්‍රී ලංකාව අද (20) සිට තවත් අඩු ශ්‍රේණියකට නම් කර ඇති හෙයින් ණය ගැනීමේ දී වැඩි පොලියක් ගෙවීමට සිදුවනු ඇතැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ජාත්‍යන්තර වෙළඳපොලේ ශ්‍රේණිගත කිරිම් අනුව ශ්‍රී ලංකාව මෙතෙක් බී – 1 මට්ටමේ පැවති අතර ඊයේ පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි බී- 2 මට්ටමට ශ්‍රේණිගත කර තිබෙන බවද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.
ජාත්‍යන්තර වෙළඳපොලේ ශ්‍රේණිගත කිරිම් පහත ගිය විට ශ්‍රී ලංකාව ණය ගැනීමේ දී අවදානම් පොලී අනුපාතය ඉහළ යන බවද ඔහු කිය.
ඒ අනුව ඇමෙරිකානු ඩොලර් සියයට 5.5 ක පැවති පොලී මට්ටම සියයට 10 ක තරම් ඉහළ ගොස් ඇතැයි ද හර්ෂ ද සිල්වා මහතා කීය.
.
ඩොලර් බිලියනක ණය මුදලක් ගෙවිමට ඇත.
මේ අතර ඊයේ කොළඹදි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මංගල සමරවිර මහතා කියා සිටියේ ලබන ජනවාරි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් බිලියනයක අතිවිශාල ණය මුදලක් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවන අතර එම ණය ගෙවීම පමා කළහොත් ජාත්‍යන්තර වශයෙන් හා ආර්ථික වශයෙන් රට බලවත් අගාධයකට පත්වන බවය.
මේ ආණ්ඩුව නීත්‍යනුකූල නොවන බව කතානායකවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව අද රටේ තිබෙන්නේ ජාත්‍යන්තරය පවා පිළිනොගන්නා ආණ්ඩුවක්.පාර්ලිමේන්තුවේ අද නීත්‍යානුකූල මුදල් ඇමැතිවරයෙක් නැහැ. ඊට ඉදිරියට ගෙනයන්න, මුදල් වෙන්කරන්න ක්‍රමයක් නැහැ.මේ ආණ්ඩුවට අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීමටවත් බලයක් නැහැ. බහුතරය නැති පක්ෂයක්. ඒ අනුව මුළු රාජ්‍ය ක්‍රියාවලියම ඇණහිටින තත්ත්වයකට පත්ව තිබෙනවා යැයිද ඔහු එහිදි වැඩිදුරටත් කියා සිටියේය.