වර්තමාන රජයට ජනතා විරෝධය එල්ල වෙමින් තිබේ. මෙම විරෝධය වඩාත් උණුසුම් වන්නට පටන් ගත්තේ පසුගියදා කොතලාවල පනතට එරෙහිව සිදුකළ විරෝධතාවයේදී ගුරු සංගම් නායක ජෝෂප් ස්ටාලින් ඇතුළු වෘත්තීය සමිති ක්රියාධරයන් අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් නිරෝධායනයට යැවීමත් සමගිනි. එම ක්රියාව තරයේ හෙළාදකිමින් ගුරු – විදුහල්පති සංගම් විසින් රටපුරා උද්ඝෝෂණ දියත් කරන ලදී. අද මීගමුවේදීද රජය විසින් කොතලාවල පනත් වැනි පනත් හරහා සිදුකරන්නට යන මිලිටරිකරණයට එරෙහිවත්, ජෝෂප් ස්ටාලින් ඇතුළු පිරිසක් බලෙන් මුලතිව් හී නිරෝදායනයට යැවීම ඇතුළු මේ වනවිට මෙම රජය විසින් සිදුකර ඇති තෙල්මිළ ඉහළ දැම්ම , ඉහළ යවා ඇති බඩුමිළ ඇතුළු මර්ධනයන්ට එරෙහිව විරෝධතාවයක් දියත් කරන ලදී. මෙම විරෝධතාවය අද (17) සවස පැය කීපයක් පුරා මීගමුව නගරයේදී පැවැත්විණි. මීගමුව පුරවැසි එකතුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.