Saturday, September 21, 2024

සදුදාට බස් ධාවනයෙන් ඉවත් වනවා – කොළඹ බස් රථ රියදුරන්

Must read

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බස් රියැදුරන් එළැඹෙන සඳුදා (21 වැනිදා) ධාවනයෙන් ඉවත් වන බව තමාට දැනුම්දී ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසූ බව “අරුණ” වෙබ් අඩවිය වාර්ථා කර සිටියි.
ඒ බස් ප්‍රමුඛතා මංතීරුවට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ එක්කිරීමට විරෝධය දක්වමින් බවද විජේරත්න මහතා සදහන් කරයි.
මෙසේ බසු ප්‍රමුඛතා මංතීරුවට යතුරුපැදි හා ත්‍රීරෝද රථ ඇතුල්කිරීඹ මගින් බස් සේවකයන් මෙන්ම මගීන්ද අපහසුතාවයට පත්වන බවත් ඇතැම් මාර්ග වල කිලෝමීටර භාගයක දුර ගමන්කිරීම සදහා බස් රථ සදහා පැය කාලක වේලාවක් ගතවීම හේතුවෙන් ඇතැම් මගීන් බසයෙන් බැස පයින් ගමන් කල අවස්ථාද වාර්ථා වූ බව ගැමුණු විජේරත්න මහතා පෙනවා දෙයි.

2015 නොවැම්බර් මස 12 වැනිදා නිකුත් කරන ලද අංක 1940/21 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව බස් ප්‍රමුඛතා මංතීරුව පොදු ප්‍රවාහනය සඳහා වෙන්කර ඇති අතර එම මංතීරුවට යතුරුපැදි එක්ක කිරීමට නීතිමය වලංගුභාවයක්ද නොමැති බවත්, මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ලොව පිළිගත් නිර්ණායක උල්ලංඝනය කරමින් බස් ප්‍රමුඛතා මංතීරු වෙත යතුරු පැදි සහ ත්‍රිරෝද රථ බලහත්කාරී ලෙස එක් කිරීම හෙලා දකින බව  සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත මහතා පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article