Thursday, September 19, 2024

සජබ මංගල රැළියේදි සුජිව ඉන්දියාවෙන් ගේම ඉල්ලපු හැටි ?

Must read

 

ගුවන් යානයක් හැදිම සදහා සජිත් ප්‍රේමදාසට එකතු කරගත හැකිව තිබුනේ මයිනර් කෑලි ටිකක් දැයි  දැන් සිතේ .
එයට එක් ප්‍රධාන හේතුවක් වි තිබුනේ සජිත්ගේ කැම්පේන් මැනේජර් යැයි තානාන්තර ලබාගෙන ඇති සුජිව සේරසිංහ විසින් ඊයේ කුරුණෑගල පැවැති මංගල රැළියේදි  කියන්නට යෙදුන ප්‍රකාශයක් නිසාවෙනි .

ඒ ගැන ලංකා සි නිව්ස් වෙබ් අඩවිය මෙසේ වාර්තා කර තිබුණි

දක්ෂතාවය ඇත්තේ නම් මේ රට දියුණු කිරීම කජ්ජක් බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රයේ සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.
ඒ සඳහා මෙවර ජනාධිපතිවරණයේදී අවස්ථාව උදාවී ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.
මෙවර ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවා වසර පහක් යන්නට පෙර ඉන්දියාවටත් ගේම දිය හැකි රටක් හැදීමට හැකි බවද ඔහු සඳහන් කළේය.
මෙම මැතිවරණය උතුර දකුණ හොයා ගැනීමට බැරිවෙන ආකාරයෙන් ජයග්‍රහණය කිරීමට සූදානම් බවද ඒ මහතා තවදුරටත් කියා සිටියේය.
සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ රැලි මාලාව ආරම්භ කරමින් කුරුණෑගල පැවැති ජනරැළිය අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article