
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩිකාවන් හට ‘කොවිඩ්’ මර්දන එන්නත ලබා නොදීම පිළිබඳව එම ක්‍රීඩිකාවෝ දැඩි කනස්සල්ලෙන් පසුවන බව වාර්තා වෙයි. මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් ක්‍රීඩිකාවන් පවසන්නේ කොවිඩ් මර්ධන එන්නත නොලැබීම හේතුවෙන් තමන්ට සංචිතයක් වශයෙන් පුහුණු වීමට හැකියාව නොමැති බවයි.