Thursday, September 17, 2026
spot_img

ශ්‍රී ලංකා මුහුදු සීමාව ඉක්මවා මසුන් ඇල්ලූ ඉන්දියන් ධීවරයින් 6ක් රක්ෂිත බන්ධනාගාරයට

Must read

ශ්‍රී ලංකා මුහුදු සීමාව ඉක්මවා මසුන් ඇල්ලීමේ චෝදනාව මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කරෙයිනගර් මුහුදේදී අත්අඩංගුවට ගත් තමිල්නාඩු ධීවරයින් හය දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රාදේශීය පොලිස් අධිකරණය නියෝග කර තිබේ.

තමිල්නාඩු – පුදුකෝට්ටායි දිස්ත්‍රික්කයේ ජගතපට්ටිනම් ප්‍රදේශයෙන් ඊයේ (13) පෙරවරුවේ මසුන් ඇල්ලීමට ගිය ධීවරයින් 6 දෙනෙකු ඊයේ රාත්‍රියේ කරෙයිනගර් මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත් ධීවරයින් 6 දෙනා විමර්ශනවලින් අනතුරුව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදීමෙන් අනතුරුව අද (14) ප්‍රාදේශීය පොලිස් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී වගඋත්තරකාර මෙම ධීවරයින් හයදෙනා ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත විනිසුරු විසින් ට නියෝග කරන ලදී. ඉන් අනතුරුව එම ධීවරයින් 6 දෙනා යාපනය බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි.

M.Thayakkiny

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article