Wednesday, November 20, 2024

විරෝධතාවක් හේතුවෙන් හොංකොං ගුවන්තොටුපලේ කටයුතු අත්හැර දැමේ

Must read

ලොව වඩාත් කාර්යබහුලම ගුවන්තොටුපලක් වන හොංකොං ගුවන්තොටුපලේ පැමිණීමේ පර්යන්තය විරෝධතාකරුවන්ගෙන් පිරී ගොස් ඇති ආකාරය.

 

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා විරෝධතාවයේ යෙදෙන දහස් සංඛ්‍යාත පිරිසක් ගුවන්තොටුපලේ පැමිණීමේ පර්යන්තයට ඇතුල් වීම හේතුවෙන් අද (12) දිනයට නියමිත ඉතිරි සියළුම ගුවන් ගමන් අතහැර දැමීමට හොංකොං ගුවන් තොටුපල බලධාරීන් තීරණය කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි. මේ අනුව අද දිනයේදී හොංකොං ගුවන් තොටුපලෙන් පිටත් වීමට හා ගුවන්තොටුපල වෙත පැමිණීමට නියමිත සියළුම ගුවන් ගමන් නවතා දමා ඇත.

මාස 2ක පමණ කාලයක් තිස්සේ ඇතිවන මෙම විරෝධාතවන් හේතුවෙන් හොංකොංරාජ්‍ය දරුණු දේශපාලන අර්බුදයක ලක්ව ඇති අතර මෙම විරෝධතාවයන් ආරම්භ වීමට මූලිකම හේතුව වී ඇත්තේ මතභේදාත්මක පිටුවහල් කිරීමේ පණතක් ගෙන ඒමයි. චීන පාලයක් සහිත ප්‍රදේශයේ නායකයා වශයෙන් සැලකෙන කාරී ලැම්ගේ ඉල්ල අස්වීම හා ඔහුගේ අනුප්‍රාප්තිකයෙකුසදහා  ඡන්දයක් පැවැත්වීමත් මෙම විරෝධතාකරුවන්ගේ  ඉල්ලීම් අතර වේ.

මින් පෙර බ්‍රිතාන්‍යයෙන් කොලනියක් වශයෙන් පැවැති හොංෙකාං රාජ්‍යය වසර 1997 දී චීනයේ පාලනයට යටත් විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article