Friday, September 20, 2024

වාලච්චේනේ සිට පිටතට භාන්ඩ ප්‍රවාහනය නොවැ: 02 දක්වා සීමා කෙරේ

Must read


වාලච්චේන  ප්‍රදේශයෙන් හෝ පිටත ප්‍රදේශවලින් භාණ්ඩ හා පුද්ගලික ප්‍රවාහනය නොවැම්බර් 2 වනදා දක්වා සීමා කිරීමට ප්‍රාදේශීය  කමිටු රැස්වීමේදී තීරණය වි තිබේ.
මෙම යෝජනාව ඊයේ (28) වනදා මඩකලපුව කෝරලයිපට්රු මධ්‍ය ප්‍රදේශ් ලේකම් එස්.එච්.එම්.මුසාමිල් මහතා විසින් යෝජනා කරන ලදී.
අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නන්ගේ ප්‍රයෝජනය සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති අතර ඔවුන්ගේ දුරකථන අංක ප්‍රදර්ශනය කර ඇත.
මේ අතර,  ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව ආරක්ෂක අංශ  අනතුරු ඇඟවීමක් කර තිබේ. මල බද්ධය, වේදනාව, අත, පාදය, වණ සහ දෂ්ට කිරීම වැනි පොදු රෝග සඳහා ප්‍රතිකාර සඳහා නොඑන ලෙස ප්‍රදේශයේ  රෝහලේ කළමනාකාරිත්වය මහජනතාවගෙන් ඉල්ලා තිබේ.
රෝහල් කළමනාකාරිත්වය පැවසුවේ කොරෝනා ආසාධනය වීමෙන් ආරක්ෂාවීම සඳහා මෙම මෙහෙයුම සිදු කළ බවයි.
කොරෝනා ආසාදනයකින් පසුව තවත් 60 දෙනෙකුව  ඊයේ (28) PCR පරීක්ෂන සිදුකර ඇත.  එහි අවසාන ප්‍රතිපළ තවම නිකුත් වී නොමැත.


රුද්‍රා

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article