වතුකරයේ ජනතාව නියෝජනය කරන ඇතැම් දේශපාලන නායකයන් වෙනත් අපේක්ෂකයන් සදහා සහය දැක්වීමට ගියද වතුකරයේ ජනතාව සහය පල කරන්නේ ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ ඊයේ (14)හැටන් නගරයේදී ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කරමින් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඒ අවස්ථාවේදී අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර සිටියේ මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ප්‍රමාණය හංසයා ලකුණට ලබා ගත හැකි බවයි.