Friday, November 22, 2024

ලබන වසරේදී ප්‍රාථමික අංශයට විභාග නැහැ

Must read

ලබන වසරේ මාර්තු අග සිට ආරම්භ වන 2023 නව පාසල් අධ්‍යයන වර්ෂයේදී ප්‍රාථමික අංශයේ සිසුන් සදහා වාර විභාග නොපවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

 

එහිදී පාඩමෙන් පාඩමට සිසුන්ට අභ්‍යාස ලබාදී එහිදී ලබාගන්නා ලකුණු මත හා වාර්තා වර්ෂය අවසානයේ පවත්වන විභාගයේ ලකුණු මත සිසු ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රියාවලිය සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

එමෙන්ම ලබන වසරේදී ලබාදෙන පාසල් නිවාඩු ප්‍රමාණය අඩු කර දෙසැම්බර් මස වන විට සියලු විෂය නිර්දේශ ආවරණය කරමින් පසෙල කටයුතු යථා තත්වයට පත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article