ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සේවකයන්ගේ මැයි සහ ජූනි මාස දෙකේ වැටුප් හා අනෙකුත් වියදම් පියවාගැනීම සදහා රුපියල් කෝටි 20ක ණය මුදලක් ලබාගැනීමට තීරණය කර ඇත. රූපවාහිනී සංස්ථාවේ සේවකයන් 934 දෙනෙකු සිටින අතර ඔවුන්ගේ වැටුප් ගෙවීම සදහා රුපියල් කෝටි 5ක පමණ මුදලක් මාසිකව වැය වන බවත් අනෙකුත් දීමනා ගෙවීම සදහා මාසිකට රුපියල් කෝටි තුන හමාරක පමණ මුදලක් වැය වන බවත් වාර්ථා වෙයි.අදාල ණය මුදල ලංකා බැංකුවෙන් ලබාගැනීම සදහා මහා භාණ්ඩාගාරයෙන් ඇපකරයක් ලබාදෙන්නැයි තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් සංදේශයක් මගින් ඉල්ලීමක් කර ඇත.