Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

රුහුණේ නවක වද සිදුවීමේ සැකකාර සිසුන් 19 දෙනා තවදුරටත් රිමාන්ඩ්

Must read

රුහුණ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුට අමානුෂික ලෙස නවක වධය දුන් බව කියන එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු සිසුන් 19 දෙනා ලබන 09  වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන  මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (26) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පැවැත්වෙන බැවින් සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස පොලිසිය ඉල්ලා සිට ඇත.

1998 අංක 20 දරණ නවක වධ පනත යටතේ සැකකාර සිසුන් මාතර මූලස්ථාන පොලිසිය ඉකුත් 06 වැනිදා සැක පිට අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන් මාතර මූලස්ථාන  පොලිසිය වෙත පැමිණ බාර වීමෙන් අනතුරුවය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article