මහින්ද රාජපක්ෂ,ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සියළුම සාමාජිකයන්,සියළුම මන්ත්‍රීවරුන් හා මහින්ද රාජපක්ෂ වෙත සහය පලකරන සියළුම රාජ්‍ය නිලධාරීන්ගේ වීසා පහසුකම් සීමා කිරීමට හා එ රටවල ඇති ඔවුන්ගේ සියළුම දේපල අත්හිටුවීමට කිරීමට යුරෝපා සංගමය හා එක්සත් රාජධානිය විසින් මේ වන විට සලකා බලමින් සිටින බව වාර්ථා වෙයි. මේ ආකාරයේ තනිපුද්ගල සම්බාධක පැනවීමෙන් අනතුරුව ආර්ථික සම්බාධක පැණවීමට එම සංගම් සූදානම් වන බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි.
මේ ආකාරයේ තනිපුද්ගල සම්බාධක රාපක්ෂ හා ඔහුගේ පිරිවර වෙත පැවරීමට ඉහත සදහන් කල සංගම් තීරණය කල හොත් ඒ ආකාරයේ සම්බාධක පැනවූ 24වන රට ලෙස ශ්‍රී ලංකාව වාර්ථා අතරට එක්වීමට නියමිතය.
ඒ අතරම ඉන්දියාවද යුරෝපා සංගමයේ තීරණයම අනුගමනය කරමින්රාපක්ෂ හා පිරිවෙර වෙත ඉන්දියාවට ඇතුළු වීමේ වීසා පහසුම් සීමා කිරීමට හා ඉන්දියාව තුල ඇති ඔවුන්ගේ දේපල අත්හිටුවීමට කිරීමටද සූදානමක් ඇති බවදා වාර්ථා වෙයි.