Sunday, October 4, 2026
spot_img
spot_img
spot_img
spot_img

රනිල්ට හා මෛත්‍රීට නොතීසි

Must read

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම විසින් නොතිසී නිකුත් කර තිබේ.

ඔවුන් දෙදෙනාට මෙසේ නොතීසි නිකුත් කර ඇත්තේ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා කළ පැමිණිල්ලකට අදාළ ව සාක්ෂි ලබාදීම සඳහාය. ඒ අනු ලබන 19වැනි දා කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් ඔවුන් දෙදෙනාට නොතීසි නිකුත් කර ඇත.

මීට අමතරව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක සහ හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රවී කරුණානායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඇතුළු අදාළ පැමිණිල්ලේ වගඋත්තකරුවන් ලෙස නම් කර සිටින සෙසු පිරිසට ද එදින කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කර තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article