Sunday, September 22, 2024

රනිල් පාවාදුන් එජාපයේ ජුදාස්ලා කවුද?

Must read

ranil 2

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ රඳවාගෙන ආණ්ඩුව ඉදිරියට ගෙනයා නොහැකි බව පැවසුවේ එජාපයේම මැති ඇමතිවරු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට දැනුවූ බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා එජාප මන්ත්‍රී කණ්ඩායම සමඟ අරලිය ගහ මැදුරේ අද (13) සවස පැවැති රැස්වීමේදී හෙළිකර තිබේ.

පසුව ශ්‍රීලනිප අමාත්‍යවරු හා මන්ත්‍රීවරුද රනිල් ඉවත් කළ යුතු බවට යෝජනා කිරීම නිසා ජනපතිවරයා අදාළ තීන්දුව ගත් බව දැන්වූයේ යැයි සමරවික්‍රම මහතා වැඩිදුරටත් පවසා තිබේ.

පළාත් පාලන මැතිවරණයේදී 30%කට වඩා වැඩි ප්‍රතිශයක් ලබාගත් එජාපය මෙහෙයවූ වික්‍රමසිංහ මහතා පරාජයේ වගකීම ගතයුතු නම් ඊට වඩා වගකිවයුතු වන්නේ ශ්‍රීලනිපය මෙහෙයවමින් 15%කට ආසන්න ප්‍රතිශතයක් ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවද සමරවික්‍රම මහතා අවධාරණය කර ඇත.

කෙසේවුවද, මැතිවරණ පරාජයට ජනාධිපතිවරයා අවසන් කාලයේදී කළ ප්‍රකාශ හා ක්‍රියා කළාපය බලපෑ බව මෙහිදී චම්පික රණවක, පලනි දිගම්බරම්, රවුෆ් හකීම් හා මංගල සමරවීර යන අමාත්‍යවරුන් හා විජයකළා මන්ත්‍රීවරියද විවේචන එල්ලකර තිබේ.

ජනාධිපතිවරයා අවසන් කාලයේදී විගණකාධිපතිවරයා ද මාධ්‍ය සාකච්ඡාවකට යොමුකර දේශපාලන වාසි ගැනීමට උත්සාහ කළ බවට මැති ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් චෝදනා කර ඇත.

අවස්න කාලයේදී ජනපතිවරයා දිගින් දිගටම නින්දා කළත් තමා කිසිවක් නොකිවුවේ යහ පාලන ආණ්ඩුව රැකගත යුතු නිසා බවද මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ රඳවාගෙන ආණ්ඩුව ඉදිරියට ගෙනයා නොහැකි බවට එජාප මැති ඇමතිවරුන් ජනපතිවරයාට කී බවට වන චෝදනාව ඇගිස්සීමට හා එජාප ජුදාස්ලා සොයා ගැනීමට අද (13) රාත්‍රියේම ජනපතිවරයා හමුවීමට එජාප මන්ත්‍රීවරුන් යෝජනා කිරීමෙන් පසුව සියලු මන්ත්‍රීවරුන් ජනපති හමුවීමට යාමට සූදානම් වුද ජනාධිපතිවරයාගේ නිල නිවසේ එතරම් පිරිසකට රැස්වීමක් පවැත්වීමට ඉඩ නොමැති බව පැවසීමෙන් පසුව එජාප කැබිනට් අමාත්‍යවරුන් පමණක් ජනපති වරයා හමුවීමට මේවන විට ගොස් සිටී.

එජාප කැබිනට් අමාත්‍යවරුන් එහි ගොස් ඇත්තේ වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයේම රඳවාගනිමින් එජාපය ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කර ඇති බවද දැනුම් දීමට බව මේ අතර වාර්තා වේ.
srilankamirror.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article