Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

රන්ජන්ට නැවතත් කෝප් කමිටු සාමාජිකත්වය

Must read

පාර්ලිමේන්තු කාරක සභා දෙකකට පත් කරන ලද සාමාජිකයන්ගේ නම් කථානායක කරූ ජයසූරිය මහතා විසින් ඊයේ (05) දිනයේදී ප්‍රකාශයට පත් කලේය.

ඒ අනුව කෝප් (COPE) කමිටු සාමාජිකත්වය සදහා දැනට රිමාන්ඩ් බන්ධානාගාර ගතව සිටින රන්ජන් රාමනායක මහතාද තේරී පත්වී සිටීම විශේෂත්වයකි.

කෝප් (COPE) කමිටු සාමාජිකයන් වශයෙන් 
අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශණ යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත්,මහින්දානන්ද අලුත්ගමගේ,දයාසිරි ජයසේකර,ජයන්ත සමරවීර,මොහාන් ප්‍රියදර්ශණ ද සිල්වා යන මහත්වරුන්ද
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වශයෙන් රවුෆ් හකීම්, විජේදාස රාජපක්ෂ, හර්ෂ ද සිල්වා, අජිත් පී පෙරේරා, ශ්‍රීයානි විජේවික්‍රම,රන්ජන් රාමනායක, අශොක් අබේසිංහ,සුනිල් හදුන්නෙත්ති,මාවෙයි සේනාධිරාජා,ඩී.වී. චානක, සුජීව සේනසිංහ වන මහත්ම මහත්මීන්ද තේරී පත්වී ඇත.

මෙහිදී ඉරාන් වික්‍රමරත්න,අනුර කුමාර දිසානායක හා නලින්ද ජයතිස්ස යන මන්ත්‍රීවරුන්ට කෝප් කමිටු සාමාජිකත්වය අහිමි වී තිබීමද විශේෂත්වයකි.

COPA සාමාජිකයන් වශයෙන්

අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, ඩග්ලස් දේවානන්ද,වාසුදේව නානායක්කාර, දුමින්ද දිසානායක, රෝහිත අබේගුණවර්ධන, ලසන්ත අලගියවන්න, ශෙහාන් සේමසිංහ,චන්දිම වීරක්කොඩි,ද
මන්ත්‍රීවරුන් වශයෙන්  උදය ගම්මන්පිල,පාලිත රංගේ බණ්ඩාර,නිරෝෂන් පෙරේරා, සායිඩ් මවුලානා, බුද්ධික පතිරණ, එස්.ශ්‍රීදරන්, නලින්ද ජයතිස්ස, විජේපාල හෙට්ටිආරච්චි තේරී පත්වී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article