Wednesday, October 16, 2024

රන්ජන් එන පක්ෂය සුබාකරන් අලිරාජාගේ

Must read

හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පක්ෂය ලයිකා මොබයිල් හිමිකරු සුබාකරන් අලිරාජා විසින් මිලදී ගත් පක්ෂය බව වාර්තා වේ.

එම පක්ෂයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ ඇති තොරතුරු වලට අනුව එහි ප්‍රථම මාධ්‍ය හමුවට සහභභාගි වූ රන්ජන් රාමනායක, හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් හා හිටපු මන්ත්‍රී වඩිවේල සුරේෂ්ගේ නම් එහි නිලධාරීන් ලෙස සඳහන් වන්නේ නැත.

එම පක්ෂය මැතිවරණයට තරඟ කිරීම සඳහා ජනප්‍රියත්වයක් හා දේශපාලන පසුබිමක් ඇති පිරිසක මේ වනවිටත් එකතු කරගෙන ඇති බව වාර්තා වන අතර නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා හිටපු ඇමතිවරයකු වූ පී චන්ද්‍රසේකරන්ගේ දියණිය ද එකතු කරගෙන ඇතැයි වාර්තාවේ. චන්ද්‍රසේකරන් මහතාගේ පක්ෂයේ වත්මන් නායිකාව වන්නේ ඔහුගේ දියණියයි.

රන්ජන් මයික්‍රෆෝනයෙන්…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ නම් වූ පක්ෂ යටතේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන බව ඔක්තෝබර් 09 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් දැනුම් දුන්නේය.

ඔහු සමඟ එම මාධ්‍ය හමුවට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ද සහභාගි වූ අතර ඔහු එම පක්ෂයේ ජාතික සංවිධායක ලෙස හඳුන්වා දෙනු ලැබීය.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකයෙක් ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ද එම මාධ්‍ය හමුවට සහභාගි විය.

එහිදී රන්ජන් රාමනායක පැවසුවේ පසුගිය ජනාධිපතිවරණය සඳහා ඔහුගේ නමට ඡන්ද හිමි කාඩ් පතක් ලැබුන බවත්, විදේශ ගත වී සිටීම නිසා ඡන්දය ලබාදීමට නොහැකි වූ බවත්ය.

මැතිවරණ සඳහා තරග කිරීමට ඔහුට බාධාවක් ඇත්දැයි මැතිවරණ කොමිසමෙන් විමසූ බවත් එවැනි බාධාවක් නැති බව මැතිවරණ කොමිසම පැවසූ බවත් එහිදී රන්ජන් රාමනායක පැවසීය.

එමෙන්ම මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් තමාට බාධාවක් ඇත්දැයි නීතිවේදින්ගෙන්ද විමසු බවත් බාධාවක් නැති බව ඔවුන් පැවසූ බවත් ඔහු පැවසිය.

රන්ජන් රාමනායක මැතිවරණයට තරග කරන ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පක්ෂයේ ලකුණ වන ”මයික්‍රෆෝනය”  හා එම පක්ෂය ඉංග්‍රීසියෙන් කෙටියෙන් හඳුන්වන යූඩීවී අකුරු සඳහන් පුවත්පත්වල මුල්පිටු සහ අනෙකුත් අකාරයේ ප්‍රචාරක ව්‍යාපෘතියක් ඊට පෙර සිදුවිය.

( අනිද්දා පුවත්පත – ඉඳුවර බණ්ඩාර)

ටෙස්ටින් වන් වන් …

463008214 10161862103100185 500632451292845091 n
රන්ජන් රාමනායකගේ යළි දේශපාලන සම්ප්‍රාප්තිය සම්බන්ධයෙන් ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරික චින්තන ධර්මදාස (Chinthana Dharmadasa) ඔහුගේ ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

”ඊලගට පත්වෙන්න නියමිත නාට්‍යයක් වන් පාර්ලිමේන්තුවට රංජන් කියන්නෙ ඉන්නම ඕන මිනිහෙක්.

ඒ ගැන නෙමෙයි මේ කතාව පෝස්‍ට් එක ගැන. මේක මරු ෆොටෝ එකක්. තව ටිකක් හොඳට හදන්න තිබුන.

හැමෝම ඉස්සරහ බලන් චන්දෙ ඉල්ලද්දි රංජන් ඉන්නෙ පිටිපස්ස බලාගෙන. සමහර විට රංජන්ගෙ බැක්සයිඩ් කතාවත් එක්ක වෙන්නැති. අතේ තියෙන්නෙ චන්‍ද සළකුණ මයික් එක. රංජන්ටම ගැලපෙන පෝස්ටරයක්”

theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article