මුළු මහත් රටේම ජනයා අද බලාසිටින්නේ දේශපාලන අනාගතය තින්දු කරන ශ්‍රෙෂ්ඨාධිකරණ තින්දුව ගැනය. අද එය බොහෝ දුරට ලැබිය හැකි බව නිති විශාරදයන්ගේද මතයයි. පහත පළවන්නේ ඊයේ දිනයේ අදාල නඩු විභාග පැවැත්වුණ ආකාරය පිළිබද සංෂිප්ත සටහනකි.
සජීවි තොරතුරු 🔴
ජනාධිපතිරවයා විසින් පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා හැරීම පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබද විභාගය.
ප.ව. 5.32 – පෙත්සම්වල සදහන්වන කරුණු සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යනය කර කරුණු දැක්වීමට තමන් බලාපාරොත්තු වන බවත් ඒ සදහා තමන්හට වැඩිදුර කාලය ලබාදෙන ලෙසත් නීතිපතිවරයා ති‍්‍රපුද්ගල විනිසුරුමඩුල්ලෙන් ඉල්ලා සිටි. ඒ අනුව පෙත්සම් විභාගය හෙට දිනය තෙක් (නොවැම්බර් 13) කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදි.
ප.ව. 5.26 – ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් පෙනී සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා කරුණු දැක්වීය. ප්රජාතන්ත්රවාදය යනු හුදෙක් මැතිවරණ පැවැත්වීම නොවන බව දැක්වූ නීතීඥවරයා ඉන් පෙර මැතිවරණවලදි මහජනතාව ලබාදුන් තීරණයන්ට ගරුකිරීමද එයට අයත්යැයි දැක්වීය. නව මැතිවරණයක් පවත්වමින් බිලියන ගණනක් මහජන මුදල් වියදව්කිරීමට සූදානම් වනුයේ මහජනතාව විසින් ලබාදුන් ප්රජාතන්ත්රවාදී තීරණයක් මේ මොහොතේද බලාත්මකව තිබියදීයැයි ඔහු පැහැදිලි කළහ.
ප.ව. 5.01 – ජනාධිපති නීතීඥ ජෙෆ්රි අලගරත්නම් මහතා අදහස් දැක්වීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති කිසිසේත්ම හුදෙකලාව ගෙන අර්ථ දැක්වීම සිදු නොකළ යුතුය. යම් වගන්තියකින් දැක්වෙන බලයක් කි‍්‍රයාත්මක කළ යුතු ආකාරය ව්්යවස්ථාවේම තැන් කිහිපයකින් සීමාකිරීම හෝ අර්ථ දැක්වීම සාමාන්‍යයෙන් සිදුවේ. පාර්ලිමේන්තුව කිසිදු සීමාවකට යටත්වීමකින් තොරව විසුරුවාහැරීමට ජනාධිපතිවරයාට හැකිනම් අද දින තේරී පත්වන පාර්ලිමේන්තුවක් හෙට උදෑසන විසුරුවා හරින්නටද ඔහුට හැකිවනු ඇත. එය අතිශය විකෘති තත්තිවයකි.
ප.ව. 5.00 – ඇතැම් පාර්ශව සදහන් කරන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංක 33(2)(ඇ) භාවිත කරමින් කිසිදු සීමාවකින් තොරව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිනම් එයින් ඇතිවන ප්‍රතිඵල අතිශය භායානකය. යම් හෙයකින් මහජන ඡන්දයෙන් පත්වූ අගමැතිවරයාගේ මුහුණ තමන්ට අප්රසන්නයැයි හැගුන විටෙක පවා පාර්ලිමේන්තුව විසුරුවාහැර අගමැතිවරයා ඉවත්කිරීමට එයින් ජනාධිපතිවරයාට අවස්ථාව ලැබෙනු ඇත. විධායකයේ බලය ශිෂ්ඨසම්පන්න ප්රමිතීන්වලට යටත්ව කි‍්‍රයාත්මකකිරීම වැදගත් වනුයේ ඒ නිසාය.
~ එම්. ඒ. සුමන්දිරන් මහතා විසින් සිය කරුණු දැක්වීමේදී ඉදිරිපත් කළ අදහසක්.
ප.ව. 4.45 – ජනාධිපති නීතීඥ ජේ.සී. වැලිඅමුණ මහතා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීය. 19 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත්කිරීමේ මූලික අරමුණු වූයේ විධායකයේ අත්තනෝමතික බලතල ඉදිරියේ පාර්ලිමේන්තුව ශක්තිමත්කිරීම බව සදහන් කළහ. එවැනි තත්ත්වයක් යටතේ ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ ඉහත තීන්දුව 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අභිමථාර්තවලටද පටහැණිව යන්නේයැයි ජනාධිපති නීතීඥවරයා දැක්වූහ.
ප.ව. 4.36 – පෙත්සම් විභාගයේ කටයුතු නැවත ආරම්භවිය.
ප.ව. 04.21 – අගවිනිසුරුවරයා ප්රමුඛ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය පෙත්සම් විභාගය නැවත වතාවක් කල් තබන ලදි. පෙත්සම් විභාගය තවත් මිනිත්තු 15 කින් ආරම්භවීමට නියමිතය.
ප.ව. 04.15 – නීතීඥ එම්.ඒ. සුමන්දිරන් මහතා අදහස් දක්වමින් ආණ්ඩුක්‍රමයෙහි ඇති සංවර්ණ තුලන ක්‍රමය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය යොමු කළහ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වභාවය අනුව විධායක සහ ව්‍යවස්ථාදායක යන ඒ ඒ ආයතන ස්වාධිපත්‍ය බලය භාවිත කරන බව දැක්වූ ඒ මහතා මෙකී එක් ආයතනයකට සිය බලය භාවිතකිරීම හරහා අනෙක් ආයතනය ඉක්මවා කටයුතුකිරීමකට ඉඩක් නොමැති බව පැහැදිලි කළහ.
ප.ව. 04.07 – විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටින නීතීඥ විරාන් කොරයා මහතා මීට සුලු මොහොතකට පෙර කරුණු දැක්වීය. පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය හරහා පුරවැසියන්ගේ ඡන්ද අයිතියට බලපෑම් එල්ලකරන බවත් එම නිසා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ගෙන ඇති තීරණය වලක්වන ස්ථාවර නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියහ. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා කරුණු දක්වමින් “පාර්ලිමේන්තුව කැදවීමට වාර අවසන්කිරීමට හෝ විසුරුවාහැරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේය” යි සදහන් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංක 33(2)(ඇ) හුදෙක් තනි වගන්තියක් වශයෙන් අවධානයට ගැනීම දෝෂ සහගතබව දැක්වීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්වචනයකිරීමේදී ව්‍යවස්ථාව සහ එහි සංශෝධන සම්පාදනයේදී නීති සම්පාදකයන්විසින් පදනම් කරගත් අරමුණු දැඩි සේ සැලකිල්ලට ගත යුතුබව දැක්වූ ජනාධිපති නීතීඥවරයා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයාට ඇති 33(2)(ඇ) වගන්තියෙන් කියැවෙන බලය නිර්වචනය වෙන්නේ 70(1) වගන්තිය සමග එය කියැවීමෙන් පමණක් බව දැක්වූහ.
ප.ව. 03.54 – විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා වෙනුවෙන් අධිකරණ ඉදිරියේ පෙනී සිටින ජනාධිපති නීතීඥ කේ. කනගීෂ්වරන් මහතා මීට සුලු මොහොතකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අදහස් දැක්වූහ. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවහැරීම ප්‍රකාශ කළ අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංක 70(5) උප වගන්තිය යටතේය යන්නට ඒ මහතා අධිකරණයේ අවධානය යොමු කරන ලදි. කෙසේ වෙතත් 70(5) වගනතිය ව්‍යවස්ථා වගන්තියක් පමණක්යැයි දැක්වූ ජනාධිපති නීතීඥවරයා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම් එය කළ යුතුව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංක 70(1) යටතේ යැයි සදහන් කළහ.
ප.ව. 03.48 – ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදුකරන පෙත්සම් විභාගය තවදුරටත් අඛන්ඩව ක්‍රියාත්මකයි. මීට සුලු මොහොතකට පෙර ජේය්ෂ්ඨ නීතීඥවරුන් වන හිජාස් හිස්බුල්ලා, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සහ තිලක් මාරපන යන මහත්වරුන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දක්වන ලදි.
ප.ව. 02.12 – ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දැක්වීම පිණිස නීතිපති ජයන්ත ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණේ.
ප.ව. 01.45 – පාර්ලිමේන්තුව නියමිත දිනට පෙර විසුරුවා හැරීම පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වූ පෙත්සම් විභාගය පස්වරු 02.00 ට යළිත් ආරම්භවීමට නියමිතයි. පෙත්සම් විභාගය පැවැත්වෙන අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයෙහි අධිකරණ ශාලා අංක 502 සහ ශ්‍රේෂ්ඨාධිකරණ භූමිය අවට දැවැන්ත සෙනගක්.
ප.ව. 01.28 – ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව නියමිත දිනට පෙර විසුරුවාහැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිට කරුණු දක්වන ලෙස නීතිපතිවරයා වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම්දී ඇත.
ප.ව. 01.20 – “පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සදහා ජනාධිපතිවරයා විසින් ගෙන ඇති තීරණය ව්‍යවස්ථාවට පටහැනි සහ නීතිවිරෝධි එකක්ය යන්න මැතිවරන කොමිෂන් සභාවේ සාමාජිකයන් සියල්ලන්ගේම මතය විය” යි මැතිවරන කොමිෂන් සභාවේ සාමාජික රත්නජීවන් හූල් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ සිය පෙත්සමෙහි දක්වා ඇත.
ප.ව. 01.00 – අදාළ පෙත්සම් හරහා නම් කර ඇති වගඋත්තරකාර පාර්ශව වෙත කැදවීම් යැවීම සදහා කාලය ලබාගනු පිණිස ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය කල් තැබීමට තීරණය කරන ලදි. පෙත්සම් යළි විභාගකිරීම පස්වරු 02.00 ට ආරම්භවීමට නියමිතයි.
මධ්‍යහන 12.00 – අගවිනිසුරු නලින් පෙරේරා, විසිසුරු ප්‍රියන්ත ජයවර්ධන සහ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිශ්ය මණ්ඩලයක් විසින් පෙත්සම් විභාගය ආරම්භ කරන ලදි. පෙත්සම් විභාගය අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයෙහි අධිකරණ ශාලා අංක 502 හි පැවැත්වේ.
පෙ.ව. 11.37 – එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය (EPDP) ය හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු සියලුම පක්ෂ විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණයේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර ඇත. ඉදිරිපත්ව ඇති සමස්ත පෙත්සම් සංඛ්‍යාව 12 කි.
පෙ.ව. 10.00 – මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාද පෙත්සමක් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයේ ව්යවස්තානුකූලභාවය විමසා ඇත. ඒ හැරුණු කොට අජිත් පී පෙරේරා, කබීර් හෂීම්, මනෝ ගනේෂන්, අනුර කුමාර දිසානායක, සහ ආර්. සම්බන්ධන් යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ සිවිල් සමාජය වෙනුවෙන් විකල්ප ප්‍රතිපත්ති කෙන්ද්‍රය ජනාධිපතිවරයාගේ තීරණයේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ඉදිරිපත් කර ඇත.
samabima.com