Tuesday, September 15, 2026
spot_img

යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ට මුදල් පරිත්‍යාග

Must read



ඊයේ (15) කෝරලේපත්තු ප්‍රාදේශීය ලේකම් ධනබාලසුන්දරම් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ උත්සවයක් එම කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී යුද්ධයේ වින්දිතයින් වූ පුද්ගලයින් 73 දෙනෙකුට මුදල් ප්‍රධානය කිරීම් සිදුවිය. ඒ අනුව කෝරළෙයිපට්‍රු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රතිලාභීන් 51 දෙනෙකුට සහ වෙනත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ප්‍රතිලාභීන් 22 දෙනෙකුට චෙක්පත් නිකුත් කෙරිණි. එසේම මඩකලපුවේ වාලෙයිචේනයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජාතික නිවාස අධිකාරිය මඟින් ඉදිකරන නිවාස 9 ක ප්‍රතිලාභීන් සඳහා රුපියල් ලක්ෂයක වටිනාකමින් යුත් චෙක්පත් ප්‍රදානය කෙරිණි.මෙම අවස්ථාවට මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්තී හෆීස් නසීර් අහමඩ්, එස්.එච්.එම් මුසාමිල්, ග්‍රාන් ප්‍රාදේශීය ලේකම් එස්. රාජ්පවු, කෝරළෙයිපත්තු ප්‍රාදේශීය සභා සභාපතිනි, සෝෆා ජයරංජිත් මහත්මිය, මෙම අවස්ථාවට සහභාගී වූහ.

රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article