Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

යාපනයේ විශ්වවිද්‍යාලයේ ස්මාරකය කඩා දැමීමට ඒරෙහිව හර්තාල් – මුලතිව් හී කඩ සාප්පු වසා දමයි

Must read

යාපනය විශ්වවිද්‍යාල මණ්ඩපයේ යුද්ධයේ  මුල්ලිවයිකාල්හි මියගිය පුද්ගලයින්ගේ  ස්මාරකය කඩා බිඳ දැමීම හෙළා දකිමින් අද දින උතුරු නැගෙනහිර ප්‍රදේශ වල  සම්පූර්ණ හර්තාලයක් කැඳවනු ලැබීය.

හර්තාලයට සහය දැක්වීම සඳහා මුලතිව් සහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල වෙළඳ මධ්‍යස්ථාන වසා දමා පෞද්ගලික ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමා තිබේ. එම හේතුවෙන්  මුලතිව් දිස්ත්‍රික්කයේ  මුල්ලියාවලෙයි , ඔට්ටුසුත්තන් විශුවමාඩු ,උදයර්කඩු මන්කුලම්, මල්ලවි ,තුනුක්කයි , පාලිනගර් පාණ්ඩියන්කුලම් ඇතුළු සියලුම නාගරික ප්‍රදේශ වසා දමා ඇති අතර හර්තාලයට පූර්ණ සහයෝගය ලබා දී ඇත.

මේ අතර, මුලතිව් දිස්ත්‍රික් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය හර්තාල් වෙත සියළුම ප්‍රවාහන සේවා අත්හිටුවමින් සිය පූර්ණ සහයෝගය ලබා දී තිබේ.

මුලතිව්  දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශවල ජනතාවගේ ගමන් බිමන්  ඉතා අඩුවෙන් සිදුවන වන අතර රජයේ දෙපාර්තමේන්තු සහ බැංකු සේවා අවම වශයෙන් සිදුකෙරේ.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article