පසුගිය දිනවල යාපනය ප්‍රදේශයේ සිදුවූ කඩු යොදාගත් පහරදීම් සම්බන්දයෙන් මේ වන විට සැකකරුවන් 41 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සදහන් කරනවා. මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත්තේ පොලීසිය විසින් කෝපායි,මනිපායි,යාපනය හා චූනාක්කම් ප්රදේශයන්ගේ සිදුකල පරීක්ෂණ කටයුතු වලදීයි.
පසුගිය සතියේදී පොලීසිය විසින් මෙම පහරදීම් සම්බන්දයෙන් පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පසුව මෙම 41 දෙනා අත්අඩංගුවට ගත්තේ ඔවුන්ගෙන් ලැබුණ තොරතුර වලට අනුව බවයි රුවන් ගුණසේකර මහතා සදහන් කලේ.ඒ අතරම යාපනය ප්‍රදේශයේ රාජකාරී කටයුතු වල නිරත සියළුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත්සදහන් කල සිටියේය.