Saturday, September 21, 2024

යාපනයට තාමත් සිංහලෙන් ලියුම් යවන යහපාලන පොලීසිය !

Must read

 

mad policeයාපනයේ කල්වියාන්කඩු හි පංදිචි ව සිටින මාධ්‍යවේදි වසන්ත රූබන් හට පසුගිය දිනක කොළඹ පරිගණක අපරාධ කෝට්ටාශයෙන් ලිපියක් යවා තිබුනේ සිංහලෙනි.
එහි මෙසේ සදහන්ය

……..අපරාධ පරික්ෂණ දෙපාර්ත්තමේන්තුවේ සේවය කරන ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දිමා අරුමපෙරුම වන මම අංක 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පණතේ xi වන පරිච්චේජය යටතේ දණ්ඩ නිති සංග්‍රහයේ 345 වගන්තිය යටතේ නැගෙන වරදක් සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වාගෙන යමි

ඉහත කි පරික්ෂණය සම්බන්ධයෙන් අවස්ථාගත කරුණු ඔබ දන්නා බවට තොරතුරු අනාවරණය වි ඇති බැවින් ඔබ කැදවා ප්‍රශ්ණ කිරිමට අවශ්‍යව ඇත……

…….
එහි දක්වා තිබුනේ පරිඝණක අපරාධයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක විභාග කිරිම වෙනුවෙන් ලබන 2017/06/12සදුදා උදේ 10 ට කොළඹට පැමිණෙන ලෙසය

මේ ලිපිය අවසන මෙසේද දක්වා ඇතSri-Lanka-Police

සැලකිය යුතුයි

මෙම නියෝගයට අනුකුලව ක්‍රියාකිරිමට අපොහොසත්විම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 172වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදකි.

යයිද සදහන්ය
මේ දි ඇති කිසිදු නියෝගයක් කියවා ගැනිමට වසන්ත රූබන් අපොහොසත්ය .ඔහුට කළ හැකිව තිබුනේ එක් දෙයක් පමණි
එනම් මේ ලිපිය සදහන් කිසිවක් මට තේරෙන්නේ නැතියි කියමින් පරිඝණක අපරාධ කොට්ටාශය වෙත  විදුලි පණිවිඩයක් මගින් දන්වා යැවිම පමණි.
ඔහුට සිංහල ලියුම ලැබුන දිනයේදිම එනම් පසුගිය සෙනසුරාදා (2017/06/10) ඔහු දමිළ බසින් විදුලි පණිවිඩයක් යවමින් කියා සිටියේ සිංහලෙන් තමන් වෙත ලැබි ඇති ලිපියේ කිසිවක් තමන්ට කියවා ගත නොහැකි බවයි.

මේ රටතු යහපාලනය සාමය සහ සහජිවනය ස්ථාපිත කිරිම වෙනුවෙන් දිවි පරදුවට තබා තිරාණාත්මක මාධ්‍ය මෙහෙවරක නියැලුන මාධ්‍යවේදන් පිරිසක් ලෙස වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ ගැටළුව සියලු බලධාරින් ගේ අවධානයට ගෙන ඒමට පියවර ගෙන ඇත.
එමෙන්ම ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ආචාර්ය රංග කලන්සුරිය මහතාගේද අවධානය වෙතද දැනටමත් මේ ප්‍රශ්ණය යොමුකර තිබේ.
වෙබ්මාධ්‍යවේදින්ගේ සංගමය විසින් පහත කරුණු සිය මාධ්‍ය නිවේදනය මගින් අවධානයට යොමුකර තිබේ

.1.යුද්ධය නිමාවි වසර 8ක් ද ඉක්මවා තිබියදි මෙන්ම රටේ සාමය සහජිවනය ස්ථාපිත කිරිම සදහා රජය කැපවි සිටින බව ලෝකයාටම දැනුම් දි තිබියදි තවමත් යාපනයට නියෝග දැනුම් දෙමින් ලිපි යවන්නේ සිංහලෙන් නම් දමිල ජනයා වෙතට අප දෙන පණිවිඩය කුමක්ද ?

2.මාධ්‍යවේදියෙකුගෙන් කිසියම් පැමිණිල්ලක් විභාග කළ යුතු වන්නේ නම් ඔහු කොළඹට ගෙන්වා ගත යුතුද ?යාපනය පොලිස් ස්ථාන වෙතින් මේ පැමිනිලි විභාගය සිදුකිරිමට අවැසි කරුණු සපුරාලිමට අදාල බළධාරින් පියවර නොගන්නේ මන්ද ?

යහපාලනය ස්ථාපිත කොට වසර 2 ක් ඉක්මවා ගොස් තිබේ.මෙවන් දැ සිදුවන්නේ නම් අප පැතු යහපාලනය මෙයදැයි අදාල සියලු බලධාරින්ගෙන් විමසන්නේ යැයිද එහි සදහන්ය.

වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ මාධ්‍ය නිවේදනය

පරිඝණක අපරාධ අංශය විසින් වසන්ත රූබන් වෙත යැවු සිංහල ලිපිය

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article