Tuesday, December 3, 2024

‘මේ අයවැය ලේඛනයේ වැරැද්දක් නෑ’ – රාජිත ! වැඩි කළ 10000 ම බද්දට වැයවෙයි – හරිනි !

Must read

මෙවර අයවැය එක්සත් ජාතික පක්ෂ අයවැයක් වන අතර එයට විරුද්ධ විය හැක්කේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණක් බව සජබ පාර්ලිමේන්තුමන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.”මේ අයවැය ලේඛනයේ වැරැද්දක් නෑ. මේකෙන් හැම කේෂ්ත්‍රයටම යම් ප්‍රතිපාදනයක් ලබාදීලා තියෙනවා. නමුත් පාර්ලිමේන්තු ඉතිහාසය බැලුවහම මෙවැනි අයවැය ලේඛන ගේනවා, මෙවැනි යෝජනා ගේනවා කීයෙන් කීයද ක්‍රියාත්මක වෙන්නේ.
එතකොට වැදගත් වෙන්නේ මිනිස්සුන්ට යෝජනා නෙමෙයි. ඒවා ක්‍රියාත්මක වෙනවා ද කියන එක.අවසානයේ දී අවුරුද්ද අන්තිම වෙද්දි මේවා කොපමණ දුරට ක්‍රියාත්මක වෙනවා ද කියන එක තමා වැදගත්. ඉඩම් ගැන යෝජනාව මම 2002 දී ගෙනාවේ.
ඒකම 2015 දී ගයන්ත මන්ත්‍රීතුමා ගෙනාවා. ඒ වගේම මේ බජට් එක UNP බජට් එකක්.මේකේ බොහෝ දේවල් UNP එකට කරන්න බැරි වුණ දේවල්. මේකට විරුද්ධ වෙන්න පුළුවන් වෙන්නේ පොහොට්ටුවේ අයට විතරයි.”
(adaderana.lk )
මේ අතර ජාතික  ජනබලවේගයේ පත් කළ මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසු  බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබුණි

රජයේ සේවකයන්ට අයවැයෙන් දුන් රුපියල් 10000 ම වැය වන්නේ වැඩි කරන ලද බදු ගෙවීමට සහ වැඩි කළ ආහාර මිලදී ගැනීමට මන්ත්‍රී හරිනි අමරසූරිය  පාර්ලිමේන්තුවේ දී අවධාරණය කරන්නට යෙදුණි

ඒ අනුව පඩිය වැඩි කිරීමෙන් රජයේ සේවකයන්ට කිසිම ප්‍රතිලාභයක් අත් නොවන බවද අමරසූරිය කීවාය.

“මේ විප්ලවීය අයවැයක්  බව ආණ්ඩු පාර්ශවය කියනවා.මෙහි සුරංගනා කථා හැර කිසිම  විප්ලවීය බවක්  නම් පේන්නේ නෑ.

දැන් අයවැය යෝජනාවලට පෙර පාපොච්චාරණයක් කරන්න පුරුදු වෙලා තිබෙනවා.දශක ගණනාවක වැරදි පෙන්වා දෙමින් වැරදි නිවැරදි කළ යුතු බවට 2023 වසරේ දීත් කිව්වා.මේ අලුත් බව මොකක්ද කියන එක ප්‍රහේලිකාවක්.

රට අර්බුදයට මුහුණදීම සඳහා ගෙන තිබෙන අලුත් යෝජනා මොනවාද කියා කිසිසේත් පැහැදිලි නැහැ.

අයවැය පරතරය මග හැරීම සඳහා  තිබෙන සම්පත් විකිණීම, බදු අය කිරීම, හැරෙන්න වෙන කිසිම යෝජනාවක් ඉදිරිපත් කර නැහැ”

 
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article