රුසියාවේ පැවැත්වෙන 2018 වසරේ ලෝක පාපන්දු කුසලාන තරගාවලියේදී ක්රීඩකයෙකුට ලබාදුන් පළමු රතු කාඩ්පත අද කොලොම්බියාවේ ක්රීඩකයෙකුට ලබාදුනි. ඒ අද පැවැති H කාණ්ඩයේ පළමු තරගය වන ජපානය හා කොලොම්බියාව අතර තරගය අතර තුරයි.
මෙහිදී රතු කාඩ්පත හිමිවූ ක්රීඩක කාර්ලෝ සැන්චෙස් (Carlos Sanchez) ජපාන ක්රීඩකයෙකු විසින් එල්ල කල පහරක් ගෝලය වෙත ගමන්කිරීම වැලැක්වීම සදහා සිය අත භාවිතා කලේය. එම වැරුද්ද හසුකරගත් පිටියේ විනිසුරුතුමන් ඔහුට රතු කාඩ්පතක් නිකුත් කිරීමට වහාම කටයුතු කලේය.