Sunday, September 22, 2024

මෙරටට පැමිණෙන විදේශිකයින් සඳහා සෞඛ්‍ය ආරක්ෂණ අරමුදලක්

Must read

Dr.jayasundara

විවිධ කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින්ට සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා ජාතික සෞඛ්‍ය ආරක්ෂණ අරමුදලක් ආරම්භ කළ යුතු බවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය රජයට යෝජනා කිරීමට යයි.

රැකියා, ව්‍යාපාර, අධ්‍යාපන සහ වෘත්තීය කටයුතුවල නියැලීම සඳහා පැමිණි විදේශිකයෝ 60,000කට අධික සංඛ්‍යාවක් මේ රටේ රැඳී සිටිති. ඔවුන්ගේ රෝගාබාධ ආදිය සඳහා රජයේ මුදලින් සෞඛ්‍ය පහසුකම් සැපයිය නොහැකි බැවින් මෙවැනි අරමුදලක් ආරම්භ කිරීම කිරීම අවශ්‍ය කරුණක් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

මෙරටට පැමිණෙන විදේශිකයින්ගෙන් ඩොලර් 50ක පමණ මුදලක් මෙම අරමුදලට අයකර ගත යුතු අතර ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන අවස්ථාවල රජයේ රෝහල් මඟින් ප්‍රතිකාර ලබා දිය හැකි බව ද ඒ මහතා පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් කලකට ඉහත දී මෙරටින් තුරන් කළ මැලේරියාව ආදී රෝග වැළැඳුන අයද සිටියහ. ඔවුන් රජයේ රෝහල්වලට පැමිණිමේදී ඒ බව සොයා ගෙන ප්‍රතිකාර කළ හැකි බව ද වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.
www.news.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article